2026 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉහළම තරු පස්දෙනෙක් නිදහස් කිරීමට සූදානම් වන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් එම කණ්ඩායම ප්‍රතිචාර දක්වා තිබෙනවා.
“ඔබ මෙහි දකින තුරු කිසිවක් නිල නොවේ” යනුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ.
2026 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියට පෙර සෑම් කරන්, දීපක් හූඩා, විජේ ශංකර්, රාහුල් ත්‍රිපාති සහ ඩෙවොන් කොන්වේ යන ක්‍රීඩකයින් නිදහස් කිරීමට සූදානමක් පවතින බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.
එළඹෙන අයි.පී.එල් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මාසයේදී සිදුකරන අතර, ඊට පෙර රඳවා ගන්නා සහ නිදහස් කරන ලද ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඉදිරිපත් කිරීමට ෆ්‍රැන්චයිස් වලට නොවැම්බර් 15 වන දින දක්වා කාලය ලබා දී තිබෙනවා.





