2026 IPL වෙන්දේසියට පෙර නිදහස් කරන ක්‍රීඩකයින් ගැන චෙන්නායි සුපර් කිංග්ස් නිහඬතාව බිඳියි

2026 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉහළම තරු පස්දෙනෙක් නිදහස් කිරීමට සූදානම් වන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් එම කණ්ඩායම ප්‍රතිචාර දක්වා තිබෙනවා.

“ඔබ මෙහි දකින තුරු කිසිවක් නිල නොවේ” යනුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ.

2026 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියට පෙර සෑම් කරන්, දීපක් හූඩා, විජේ ශංකර්, රාහුල් ත්‍රිපාති සහ ඩෙවොන් කොන්වේ යන ක්‍රීඩකයින් නිදහස් කිරීමට සූදානමක් පවතින බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එළඹෙන අයි.පී.එල් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මාසයේදී සිදුකරන අතර, ඊට පෙර රඳවා ගන්නා සහ නිදහස් කරන ලද ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඉදිරිපත් කිරීමට ෆ්‍රැන්චයිස් වලට නොවැම්බර් 15 වන දින දක්වා කාලය ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01