2026 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ඇමරිකාවේ නිව් ජර්සි හි මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව ජාත්‍යන්තර පාපන්දු සංගමය ඊයේ (04) නිවේදනය කළා.
ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව විසින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සම සත්කාරකත්වය දරණු ලබනවා.
තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් සංඛ්‍යාව ද කණ්ඩායම් 48ක් දක්වා පුළුල් කිරීමට ද තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රටවල් තුනේ පිහිටි අති නවීන ක්‍රීඩාංගණ 16ක දී මෙම තරග පැවැත්වෙන අතර, වැඩි තරග ප්‍රමාණයක් පැවැත්වෙන්නේ ඇමරිකාව තුළයි.
ඒ, අනුව 2026 පාපන්දු ලෝක කුසලානය තුළ පැවැත්වෙන සමස්ත තරඟ සංඛ්‍යාව 104ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
5
+1
2
+1
+1
+1




