සුපිරි ජීප් රථයකදී හෙරොයින් සමඟ අඹුසැමි යුවලක් අත්අඩංගුවට

තංගල්ල, ගොන්නෝරුව ප්‍රදේශයේදී ඊයේ (11) අළුයම, අපරාධ නිවාරණ මාර්ග බාධක රාජකාරි යෙදී සිටි හම්බන්තොට පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකටයුතු ජිප් රථයක් නවතා පරීක්ෂා කර තිබෙනවා.

එහි රියැදුරු සහ කාන්තාවක් සිට ඇති අතර රියැදුරුට වලංගු රියැදුරු බලපත්‍රයක් තිබී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

ඔහු විසින් පොලිස් නිලධාරින් වෙත හැඳුනුම්පතක් ලබාදී ඇති අතර එය ව්‍යාජව සකස් කරන ලද්දක් බවට නිලධාරින්ට තහවුරු වූ බැවින් එම පුද්ගලයා සහ කාන්තාව පරීක්ෂා කිරිමටබ් පොලිසිය කකටයුතු කර තිබෙනවා.

එහිදී පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 750 ක් සහ කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 600 ක් සොයාගෙන ඇති අතර සැකකරු හා සැකකාරිය ජිප් රථය සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු වයස අවුරුදු 34 ක් සහ සැකකාරිය වයස අවුරුදු 33 ක් වන තණමල්විල හා වීරවිල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක්.

සැකකරු සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී 2016 වර්ෂයේ සූරියවැව පොලිස් වසමේදී ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධයකට සැකකරුවෙකු බවත්, 2019 වසරේදී තණමල්විල පොලිස් වසමේදී වෙඩිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධයක් සම්බන්ධව අත්අඩංගුවට පත්ව ගරු අධිකරණයෙන් ඇප ලබා සිටින සැකකරුවෙකු බවත් දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.

එම අපරාධ සිදුකිරීමෙන් පසු සැකකරු මෙලෙස ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කර වෙනත් නමකින් පෙනී සිට ඇති බවට අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම මොහු දැනට විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ සම්බන්ධතා පවත්වන බවට සහ දකුණු පළාත තුල මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදු කරන පුද්ගලයෙකු බවටද අනාවරණ වී තිබෙනවා.

හම්බන්තොට පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. මේ අපරාද කරලා තියෙන වකවානුව අනුව අනිවාර්යෙන් පොහොට්ටුවේ ආශිර්වාදයක් බලයක් තියෙන කාගේ හෝ කුක්කෙක් …. නීතියට අභියෝග කරලා බියක් සැකක් නැතිව ඒ දේවල් කරන්නේ බේරාගන්න සෑටකයෝ ඉන්න නිසා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36