මේ වනට විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතව පවත්වමින් සිටිනවා.
එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.
- 2026 දී අයවැය හිඟය 5.2% දක්වා අඩුවෙනවා.
- සෘජු බදු සහ වක්‍ර බදු අනුපාතය සියයට 60-40 අනුපාතයට ගෙන ඒමට කටයුතු කරනවා.
- රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදකයෙන් 20% මට්ටමට ගෙන ඒම අරමුණයි.
- රාජ්‍ය ආයෝජන සියයට 04කින් ඉහළ දැමීමට කටයුතු කරනවා.
- 2026 දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 15.3% දක්වා ගෙන ඒමට කටයුතු කරනවා.
- විශේෂ රැකවරණය ලැබිය යුතු අය අඛණ්ඩව බලාගැනීමට ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරනවා.
- මේ වසරේ ඇමරිකා ඩොලර් මිලියන 1373 ක වාහන ආනයනය කර තිබෙනවා.
- මේ දක්වා වාහන ආනයනයට ඇමරිකා ඩොලර් මිලියන 1133ක ණයවර ලිපි විවෘත කර තිබෙනවා.
- පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදේශ ණය සේවාකරණය ඇමරිකා ඩොලර් මිලියන 760 කින් ඉහළට.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1





