2025 IPL වෙනුවෙන් දෝනිව චෙන්නායි පිළේ රඳවාගන්න අවස්ථාව

2025 අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් නව නීති සහ සංශෝධිත නීති රීති මාලාවක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය සෙනසුරාදා නිකුත් කරනු ලැබුවා.

එම නීති අතර ඇති ක්‍රීඩකයින් රඳවා ගැනීමේ නීතිය සම්බන්ධයෙන් මේ වන විටත් අවදානය යොමුව තිබෙනවා.

ඒ, අනුව වෙන්දේසියට පෙර සෑම කණ්ඩායමකටම උපරිම වශයෙන් ක්‍රීඩකයින් හයදෙනෙකු රඳවා තබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.

මේ අතර ක්‍රීඩකයින් රඳවා ගැනීමේ නීතියයේ චෙන්නායි සුපර් කිංග්ස් සඳහා විශේෂ උනන්දුවක් ඇති කළේ uncapped player නීතියයි.

පසුගිය වසර පහ තුළ ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා නොකළ ඕනෑම ඉන්දීය ක්‍රීඩකයෙකු ‘uncapped player’ ලෙස සලකනු ලබනවා.

ඒ, අනුව මෙතෙක් බොහෝ දෙනෙක් අතර කුතුහලයක් වී තිබූ හිටපු චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනිගේ අයි.පී.එල් අනාගතය පිළිබදව uncapped player නීතියත් සමඟ පැහැදිලි උත්තරයක් ලැබී තිබෙනවා.

uncapped player නීතියත් සමඟ මහේන්ද්‍ර සිං දෝනිව 2025 තරගාවලිය වෙනුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට රඳවා ගත හැකි අතර, ඔහු වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 04ක මුදලක් වැය කිරීමට එම කණ්ඩායමට අවස්ථාව හිමි වෙනවා.

2025 තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් හයදෙනෙකු රඳවා ගැනීමට යම් කණ්ඩායමක් තීරණය කරන්නේ නම්, ඔවුන්ට cap player ක්‍රීඩකයින් පස්දෙනා සඳහා රුපියල් කෝටි 75ක් සහ Uncapped player ක්‍රීඩකයා සඳහා රුපියල් කෝටි 04ක් ගෙවීමට සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41