2025 IPL අවසන් මහා තරගය කොල්කටා හි ඊඩ්න් ගාර්ඩන්ස් පිටියට

2025 IPL තරගාවලියේ අවසන් මහා තරගය කොල්කටා හි ඊඩ්න් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ 2024 IPL ශූර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නිජබිම වන ඊඩන් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණය 2025 තරගාවලියේ ආරම්භක තරගය ද පැවැත්වීමට සූදානම් කර ඇති බවයි.

මෙවර IPL තරගාවලියේ මාර්තු 22 වන දින ආරම්භ වන අතර, අවසන් මහා තරගය මැයි 25 වනදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

කොල්කටා හි ඊඩ්න් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණයේ දී IPL අවසන් මහා තරගයක් පැවැත්වෙන්නේ වසර දහයකට පසු වන අතර, මීට පෙර 2013 සහ 2015 වසරවල දී අවසන් මහා තරග සඳහා ඊඩ්න් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණය සත්කාරකත්වය ලබා දී තිබෙනවා.

2025 IPL තරඟාවලිය දින 65 ක් පුරා විහිදී ඇති අතර අවසන් මහා තරගය ද ඇතුළුව සමස්ත තරඟ 74ක් මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරඟාවලියේ ආරම්භක තරඟය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම එකිනෙකා මුණ ගැසෙනවා.

2022 වසරේ දී IPL කණ්ඩායම් දහයක් දක්වා ව්‍යාප්ත වූ පසු සෑම වාරයකම කණ්ඩායම් කාණ්ඩ දෙකකට බෙදා තරගාවලියට එක්කර අතර, මෙවරත් එම ක්‍රමයම ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ, අනුව සෑම කණ්ඩායමක් ම මූලික වටයේ දී තරග 18 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41