2025 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනපති සුරතින් විවෘත වෙයි (වීඩියෝ)

ජාත්‍යන්තර “FACETS Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අද (04) ආරම්භ කෙරුණා.

මෙහිදී ජනාධිපතිවරයා ප්‍රදර්ශනයේ තිබූ මැණික් හා ස්වර්ණාභරණ කුටි නිරීක්ෂණයට ද එක් වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව සංවිධානය කරනු ලබන FACETS Sri Lanka අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අද සිට ජනවාරි මස 06 වැනිදා දක්වා පැවැත්වෙනවා.

ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka මෙවර පැවැත්වෙන්නේ 31 වන වරට වන අතර චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, යුරෝපය සහ තවත් බොහෝ රටවල නියෝජිතයින් ඊට එක්වී සිටිනවා.

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පැමිණෙන ලොව පුරා කීර්තිමත් මැණික් හා ස්වර්ණාභරණ සමාගම්වල නියෝජිතයන් රැසක් ද ප්‍රදර්ශනයට සහභාගී වී සිටින අතර රත්නපුර, ඇළහැර, බේරුවල, ඇහැලියගොඩ, ගාල්ල සහ කොළඹ වැනි දේශීය කර්මාන්ත මැණික් ගැරුම්කරුවන් රැසක් ද එක් ව සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මෙම කර්මාන්තයේ ප්‍රමුඛයන්ගේ ප්‍රධාන අරමුණක් වන්නේ ලොව පුරා වෙළෙඳුන්, අපනයනකරුවන් සහ තවත් බොහෝ අය සමඟ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීමයි.

“FACETS Sri Lanka 2025” ප්‍රදර්ශනය මඟින් අපනයනයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අපේක්ෂා කෙරෙනවා.

දේශීය හා ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නරඹන්නන් වඩාත්ම උනන්දුවෙන් එක්වන “FACETS Sri Lanka 2025” ශ්‍රී ලංකාවේ උසස් මැණික් හා ස්වර්ණාභරණ උරුමයෙහි විවිධත්වය සහ තිරසාරත්වය පිළිබඳ කවුළුවක්.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරු, තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16