AFC Banner
AFC Banner
Empty Ad

2025 එක්සත් ජාතීන්ගේ නිත්‍ය අයවැයට ඉන්දියාවෙන් බර ගාණක්

2025 වර්ෂය සඳහා එක්සත් ජාතීන්ගේ නිත්‍ය අයවැය සඳහා ඉන්දීය රජය අමෙරිකානු ඩොලර් මිලියන 37.64ක් ලබා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ දායකත්ව කමිටුවට අනුව, 2025 ජනවාරි 31 වන විට, සාමාජික රටවල් 35ක් එක්සත් ජාතීන්ගේ මූල්‍ය රෙගුලාසිවල නිශ්චිතව දක්වා ඇති දින 30ක නියමිත කාලය තුළ ඔවුන්ගේ නිත්‍ය අයවැය තක්සේරු කිරීම් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන්ගේ නිත්‍ය අයවැය තක්සේරු කිරීම් සම්පූර්ණයෙන්ම ගෙවා ඇති සාමාජික රටවල “ගෞරව ලැයිස්තුවට” ඇතුළත් වන රටවල් නම් කරමින්, මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජරික් මාධ්‍ය හමුවේදී පැවසුවේ “ඉන්දියාවේ සිටින අපගේ මිතුරන්ට අපි ස්තුතිවන්න වෙමු” යනුවෙන්.

එක්සත් ජාතීන්ගේ අයවැයට තම දායකත්වය නියමිත වේලාවට සහ සම්පූර්ණයෙන් ගෙවන රටවල් අතර ඉන්දියාව සැමවිටම ඉදිරියෙන් සිටින බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?