AFC Banner
Empty Ad
Empty Ad

2024 LPL ශූරයින් ලෙස ජැෆ්නා රජවරු කිරුළු පළදියි

2024 එල්.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනාගන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර හැකියාව ලැබුණා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ගෝල් මාවල්ස් කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයෙන් කඩුලු 09ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමත් සමගයි.

මෙම තරගයේ ජැෆ්නා කිංග්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ගෝල් මාවල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 184ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

අනතුරුව ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 15යි පන්දු 04ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර ගියා.

එහිදී රයිලී රූසෝ ශතකයක් රැස් කරමින් ජැෆ්නා ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා බවට පත් වුණා.

අනෙක් අන්තයේ සිට ජැෆ්නා ඉනිම ගොඩනැගීමට වටිනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 71ක් රැස් කළා.

ඒ, අනුව 2024 එල්.පී.එල් ශූරතාව යළිත් වරක් හිමිකර ගන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
2
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?