2024 සමස්ත බදු ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්

2024 වසරේ සමස්ත බදු ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දී 42.22% ක වර්ධනයක් සනිටුහන් කර ඇති බවයි.

පසුගිය වර්ෂයට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ඊයේ (30) දිනයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් එළිදක්වමින් මේ බව නිවේදනය කළා.

2024 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත බදු ආදායම රුපියල් බිලියන 2,740.44ක් වු නමුත් සැබෑ ආදායම ඉලක්ක ගත ආදායමට වඩා රුපියල් බිලියන 120.38කින් පිටුපසින් සිටිමින් රුපියල් බිලියන 2,620.07ක් දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා.

එම ආදායමෙන් ඉලක්ක ගත ආදායම දල වශයෙන් 96% කින් සපුරාගැනීමක් නිරූපණය කරන අතර එමගින් ආර්ථික කාර්ය සාධනයේ ප්‍රශංසනීය ප්‍රගතියක් සහ බදු එකතුකිරීමේ ක්‍රමෝපායන්හී ඵලදායිතාව ද පෙන්නුම් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

2023 වර්ෂයේ රැස්කරගත් සත්‍ය ආදායම රුපියල් බිලියන 1,842.32ක් වන අතර එය පසුගිය වර්ෂයේ රුපියල් බිලියන 2,620.07ක් දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා.

ඒ අනුව 2024 වර්ෂයේ බදු ආදායම් එකතු කිරීමේ කැපීපෙනෙන වර්ධනයක් ඉස්මතුව ඇති අතර එමගින් ආර්ථික තත්ත්වයේ වැඩිදියුණු වීමක් මෙන්ම වඩාත් කාර්යක්ෂම බදු පරිපාලනයක් පෙන්නුම් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

2024 මුල්‍ය වර්ෂයේ දී රජයේ මුලු ආදායම රුපියල් ට්‍රිලියන 4.3ක් දක්වා ඉහළ නංවාගෙන ඇති අතර එය දළ වශයෙන් 2023 වර්ෂයට සාපේක්ෂව 32.21% වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

පසුගිය වර්ෂයේ දී රජය රුපියල් බිලයන 3704.58ක සමස්ත බදු ආදායමක් වාර්තා කර ඇති අතර ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දායකත්වය රුපියල් බිලියන 2,620. 07ක්.

එය සමස්ත ආදායමෙන් 70.73%ක් නියෝජනය වන අතර එමගින් දෙපාර්තමේන්තුව ජාතික බදු ක්‍රමය තුළ සිය ප්‍රධාන භූමිකාව යළි තහවුරු කරගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සිය කාර්යසාධන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර 2024 වර්ෂයේ දෙසැම්බර් 31වන දින වන විට පැහැරහරින ලද බදු මුදල් ප්‍රමාණය 672,433,871ක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තව පවසනවා.

ඒ අනුව 2024 වර්ෂය තුළ අයකළ හැකි මුළු බදු සහ දඩ ප්‍රමාණය රුපියල් මිලියන 175,697ක්.

ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයට ඉලක්ක ගත බදු ආදායම් අනුපාතය 15%ක් වුවද වර්තමානයේ එම අනුපාතය 12.39%ක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

දේශීය මුල්‍ය තිරසර බව ප්‍රවර්ධනය කර දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීමට සහයවීම පිණිස බදු පදනම පුළුල් කිරීමට සැලසුම් සකස් කර ඇති බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය වාර්ෂික කාර්ය සාධන වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?