2024 සමස්ත බදු ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්

2024 වසරේ සමස්ත බදු ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දී 42.22% ක වර්ධනයක් සනිටුහන් කර ඇති බවයි.

පසුගිය වර්ෂයට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ඊයේ (30) දිනයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් එළිදක්වමින් මේ බව නිවේදනය කළා.

2024 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත බදු ආදායම රුපියල් බිලියන 2,740.44ක් වු නමුත් සැබෑ ආදායම ඉලක්ක ගත ආදායමට වඩා රුපියල් බිලියන 120.38කින් පිටුපසින් සිටිමින් රුපියල් බිලියන 2,620.07ක් දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා.

එම ආදායමෙන් ඉලක්ක ගත ආදායම දල වශයෙන් 96% කින් සපුරාගැනීමක් නිරූපණය කරන අතර එමගින් ආර්ථික කාර්ය සාධනයේ ප්‍රශංසනීය ප්‍රගතියක් සහ බදු එකතුකිරීමේ ක්‍රමෝපායන්හී ඵලදායිතාව ද පෙන්නුම් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

2023 වර්ෂයේ රැස්කරගත් සත්‍ය ආදායම රුපියල් බිලියන 1,842.32ක් වන අතර එය පසුගිය වර්ෂයේ රුපියල් බිලියන 2,620.07ක් දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා.

ඒ අනුව 2024 වර්ෂයේ බදු ආදායම් එකතු කිරීමේ කැපීපෙනෙන වර්ධනයක් ඉස්මතුව ඇති අතර එමගින් ආර්ථික තත්ත්වයේ වැඩිදියුණු වීමක් මෙන්ම වඩාත් කාර්යක්ෂම බදු පරිපාලනයක් පෙන්නුම් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

2024 මුල්‍ය වර්ෂයේ දී රජයේ මුලු ආදායම රුපියල් ට්‍රිලියන 4.3ක් දක්වා ඉහළ නංවාගෙන ඇති අතර එය දළ වශයෙන් 2023 වර්ෂයට සාපේක්ෂව 32.21% වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

පසුගිය වර්ෂයේ දී රජය රුපියල් බිලයන 3704.58ක සමස්ත බදු ආදායමක් වාර්තා කර ඇති අතර ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දායකත්වය රුපියල් බිලියන 2,620. 07ක්.

එය සමස්ත ආදායමෙන් 70.73%ක් නියෝජනය වන අතර එමගින් දෙපාර්තමේන්තුව ජාතික බදු ක්‍රමය තුළ සිය ප්‍රධාන භූමිකාව යළි තහවුරු කරගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සිය කාර්යසාධන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර 2024 වර්ෂයේ දෙසැම්බර් 31වන දින වන විට පැහැරහරින ලද බදු මුදල් ප්‍රමාණය 672,433,871ක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තව පවසනවා.

ඒ අනුව 2024 වර්ෂය තුළ අයකළ හැකි මුළු බදු සහ දඩ ප්‍රමාණය රුපියල් මිලියන 175,697ක්.

ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයට ඉලක්ක ගත බදු ආදායම් අනුපාතය 15%ක් වුවද වර්තමානයේ එම අනුපාතය 12.39%ක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

දේශීය මුල්‍ය තිරසර බව ප්‍රවර්ධනය කර දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීමට සහයවීම පිණිස බදු පදනම පුළුල් කිරීමට සැලසුම් සකස් කර ඇති බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය වාර්ෂික කාර්ය සාධන වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39