2024 මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අවසන් – ඡන්ද පෙට්ටි ආරක්ෂිතව ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්දය සලකුණු කිරීමේ කටයුතු මීට ටික වේලාවකට (14) පෙර අවසන් කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියේ අද උදෑසන 07 සිට පස්වරු 04 තෙක් පමණක් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා ඇති බවයි.

ඒ අනුව දිවයින පුරා මැතිවරණ කොට්ඨාස 22ක් පදනම් කරගනිමින් මෙවර ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරුණා.

ඡන්ද මධ්‍යස්ථාන 13,314ක දී එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හාරදහස් තුන්සිය පනස් හතරක ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාවක් මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයින් 8888 දෙනෙකු තරග වදිනවා.

අද පස්වරු 04ට අවසන් කෙරුණු ඡන්ද සලකුණු කිරීමේ කටයුතුවලින් අනතුරුව තේරීම් භාර නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ ඡන්ද පෙට්ටි දිවයින පුරා පිහිටි ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන 54ක් දක්වා රැගෙන යාම සිදු කරනු ඇති.

මෙවර 10 වැනි පාර්ලිමේන්තුව තෝරාපත් කරගැනීමට මන්ත්‍රීවරුන් 196 දෙනෙකු මහජන ඡන්දයෙන් සෘජු ඡන්දයෙන් පැමිණෙන අතර සෙසු 29 දෙනා පැමිණෙන්නේ ජාතික ලැයිස්තුවෙනි.

මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් මන්ත්‍රීවරුන් 160 දෙනෙකු මැතිවරණ කොට්ඨාස යටතේ පැමිණෙන අතර තවත් 36 දෙනෙකු පළාත් මන්ත්‍රී ධුර නියෝජනය කරමින් සිව්දෙනා වශයෙන් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබනු ඇති.

නව පාර්ලිමේන්තුව එළඹෙන 21 වැනිදා රැස්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16