2024 පැරිස් ඔලිම්පික් උලෙළට ලංකාවෙන් හයක්

මෙම වසරේ ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ එම තරගාවලියට අදාළ මාධ්‍ය හමුවක් අද (08) කොළඹ පිහිටි ඔලිම්පික් නිවසේ දී පැවැත්වුණු බවයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිහිනුම් ඉසව්වෙන් ගංගා සෙනවිරත්න, කයිල් අබේසිංහ, බැට්මින්ටන් ඉසව්වෙන් විරේන් වෙත්තසිංහ, මලල ක්‍රීඩා ඉසව්වලින් තරුෂි කරුණාරත්න, නදීෂා ලේකම්ගේ හා අරුණ දර්ශන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඔලිම්පික් තරගාවලිය සඳහා බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් එක්වන ළාබාලතම ක්‍රීඩකයා ලෙස විරේන් වෙත්තසිංහ ඉතිහාසයට එක් වනු ඇති.

මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා ‍ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500ක් එක් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?