2024 නව පාසල් වාරය ආරම්භයට පෙර පාසල් නිල ඇඳුම්

නව පාසල් වර්ෂය ආරම්භ වන 2024 පෙබරවාරි 19 වනදාට පෙර පිරිවෙන් හා පාසල් සිසුන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

එම සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 80%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීමට හැකි වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

2023 වසරේ ද 50%ක ප්‍රදානයක් ලබා දීමට මුලින් එකඟව සිටි චීන රජය, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත 70%ක දක්වා වැඩි කර එම ප්‍රදානය ලබා දුන් අතර මෙවර ද එය 80% දක්වා තව දුරටත් ඉහළ නංවා ලබා දීමට කටයුතු කර තිබෙනවා.

අමාත්‍යවරයා මේබව සඳහන් කළේ මෙරට චීන තානාපති ෂී ෂැං හොං මහතා විසින් චීන ප්‍රදානයේ පළමු පාසල් නිල ඇඳුම් රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට අද (11) දින නිල වශයෙන් ‍අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී භාර දුන් අවස්ථාවේ දීයි.

මෙම ප්‍රදානයෙන් මීටර් මිලියන 5.8ක පළමු නිල ඇඳුම් රෙදි ප්‍රමාණය, මේ වන විට මෙරටට ලැබී ඇති අතර දෙවැනි තොගය පෙබරවාරි 04 වනදා වන විට ලැබී අවසන් වනු ඇති. සෑම සිසු දරුවකුට ම නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මකභාවයෙන් ඉහළ නිල ඇඳුම් ලබා දෙමින් සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා තහවුරු කිරීමේ අරමුණින් පළමු 80%ක ප්‍රදානය ලබා දෙන නිෂ්පාදකයාගෙන්ම ඉතිරි පාසල් නිල ඇඳුම් රෙදි 20%ක ප්‍රමාණය ද මිල දී ගැනීමට රජය කටයුතු කරන බවයි සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ.

මෙරටට ලැබී ඇති පළමු නිල ඇඳුම් රෙදි තොගයේ බෙදාහැරීම්වලට අදාළ කටයුතු පසුගිය 4 වනදා සිට ආරම්භ කර තිබෙනවා.

අධ්‍යාපන කාර්යාල 313කට ඒවා යැවෙන බව සඳහන්.

මිලදී ගනු ලබන 20%ක නිල ඇඳුම් රෙදි ප්‍රමාණය මෙරටට ගෙන්වන තුන් වන තොගය වශයෙන් පෙබරවාරි මස 10 වන විට ගෙන්වා අවසන් වන අතර රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මිලදී ගැනීමට මැදිහත් ව ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මීට අමතරව උසස් පෙළ විෂය ධාරා සහිත සියලු‍ පාසල් ආවරණය වන පරිදි පාසල් 3000ක ප්‍රමාණයක් ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය අනුග්‍රහය ද චීන රජය මෙරටට ප්‍රදානය කරන බව මෙහි දී ප්‍රකාශ කෙරුණු අතර තාක්ෂණයත් සමග ඉදිරියට යන නව අධ්‍යාපන ක්‍රියාවලියට එය මහත් පිටිවහලක් වන බව සඳහන් කළා.

රට ආර්ථික වශයෙන් දුෂ්කර අවධියක පසු වන මෙවන් අවස්ථාවක පාසල් නිල ඇඳුම් ලබා දීමට වැය වන මුදලින් රුපියල් බිලියන පහක පමණ මුදලක් ඉතිරි කරගැනීමට අවස්ථාව සැලසෙන පරිදි චීන රජයෙන් ලබා දුන් මෙම සියලු‍ ප්‍රදානයන් පිළිබඳ චීන රජය කෙරෙහි සිය කෘතවේදීත්වය පිරිනමන බවයි මෙරට චීන තානාපතිවරයා හමුවේ සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ.

සෑම සිසු දරුවකුට ම නිසි ප්‍රමාණයට කපා අසුරන ලද ගුණාත්මකභාවයෙන් ඉහළ උසස් ප්‍රමිතියක් සහිත නිල ඇඳුම් සපයා දීම මගින් සියලු දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා තහවුරු කිරීම අපේක්ෂිතයි.

එමෙන් ම පාසල් පෙළපොත් බෙදාහැරීමේ කටයුතුවලින් ද 80%ක් පමණ මේ වන විට සිදු කර අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා නව පාසල් වාරය ආරම්භ වන විට එම පෙළ පොත් ලබා දීමට කටයුතු කරන බව ද කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?