logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

2024 උසස් පෙළට අයදුම්පත් කැඳවයි

2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ අයදුම්පත් කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ; මෙම විභාගය සඳහා ඉල්ලුම් කළ යුත්තේ මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ පමණක් බවයි.

අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා උපදෙස් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/යන යෙදුමෙහි ඇතුළත්.

නැතහොත් මාර්ගගත වෙබ් අඩවිය වන https://onlineexams.gov.lk/eic මගින් හෝ දෙපාර්තමේන්තුවේ ජංගම දූරකථන යෙදවුම මගින් හෝ ඉල්ලුම් කළ හැකි වනවා.

එමෙන්ම මෙම විභාගයට පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පහ් 2024 ජුනි මස 20 වැනි දින සිට ජුලි 10 වැනි දින මධ්‍යම රාත්‍රී 12 පැය දක්වා භාර ගන්නා බවත් නිවේදනය කර තිබෙනවා.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වැනි දින සිට දෙසැම්බර් මස 20 වැනි දින තෙක් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?