2024 අයවැයේ දී රාජ්‍ය සේවකයින් ගැන වැඩි අවධානයක්

ඉදිරි අයවැය මඟින් සහන සැලසිය යුතු ප්‍රධාන පාර්ශ්ව අතර රාජ්‍ය සේවකයන් ද සිටින බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් කෙරෙහි රජය ඉතා අවධානයෙන් පසුවන බවයි.

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශයක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා වෙත ලබාදීම සඳහා රාජ්‍ය සහ පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරිය අයවැය මඟින් අවධානය යොමු විය යුතු පාර්ශ්වය අතර රජයේ ආධාර
ලැබිය යුතු පිරිස, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ රාජ්‍ය සේවයකයන් ප්‍රමුඛස්ථානයේ සිටින බවයි.

මීට පෙර සමාජ සුබ සාධනය වෙනුවෙන් වැය කළ රුපියල් බිලියන 65ක පමණ මුදල් අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ රුපියල් බිලියන 200 දක්වා ඉහළ නංවා ඇති බවද ඔහු පැවසුවා.

රාජ්‍ය සේවයකයන් ඇතුළු මාසිකව ස්ථිර ආදායමක් ලබාගන්නා කණ්ඩායම් මුහුණ දෙන අර්බුදය සඳහා කෙටි කාලීන විසඳුමකට වඩා දිගු කාලීන විසඳුමක් කෙරෙහි රජය විශ්වාස කරන බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

ඉදිරිය අයවැය මඟින් ඊට පදනම සකස් වනු ඇති බවයි ද ඔහු පැවසුවා.

2022 වසරේ දී මාසික රාජ්‍ය සේවක වැටුප් බිල ගෙවා දැමීම පිළිබඳ ගැටලු ඇති වූ ආකාරය පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වන විට රටේ ආර්ථිකය ඊට සාපේක්ෂව ස්ථාවරත්වයකට අවතීර්ණ වී ඇති බව ද සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
4
+1
17
+1
2
+1
2
+1
2
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03