2024 වසරේ එක්දින ක්‍රීඩකයා සම්මානය ඇෆ්ගන් ක්‍රීඩකයෙකුට

2024 වර්ෂයේ වසරේ එක්දින ක්‍රීඩකයා සම්මානය ඇෆ්ගනිස්තානයේ අෂ්මතුල්ලා ඔමර්සායි පත් ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (27) දිනයේ දී මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවා.

තුන් ඉරියව්වෙන් ම දක්ෂතා අතරට පිවිසීමට සමත් ව සිටින ඔමර්සායි දකුණත් වේග පන්දු යවන්නෙකු වන අතර එම වසර පුරා ම හෙතෙම බහුවිධ පිතිකරණ හැකියාවන් ද ඉස්මතු කර තිබෙනවා.

එය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට බොහෝ තරග ජයග්‍රහණයට ද ඉවහල් වුණා.

පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතියේ දී ද ඔමර්සායි දක්ෂතා අතරට පැමිණීමට සමත් වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන්නේ ටී20 තරගවලට වඩා එක්දින තරගවල කැපී පෙනෙන දක්ෂතා ඔමර්සායි සතු වන බවයි.

24 හැවිරිදි ඔමර්සායිගේ දක්ෂතා එක්දින තරගාවලි හතරක් ජය ගැනීමට දායක වූ අතර එහිදී අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්වලට එරෙහිව වාර්තා කිරීමට ද දායක වූ බවත් පෙනෙන්නට තිබෙන කරුණක්.

මෙම ලැයිස්තුවට ඔමර්සායිට අමතරව ශ්‍රී ලංකාවෙන් කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග ද කොදෙව් දේශයෙන් රදර්ඩර්ඩ් ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17