2023-2024 වර්ෂයට අදාළ සුරාබදු නොගෙව්වොත් පර්මිට් එක නෑ – සුරාබදු කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

2023 – 2024 අදාළව සුරාබදු ගෙවීම් පැහැර හැරියොත් 2025ට අදාළ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ලබා නොදෙන බවට සියලුම මත්පැන් නිෂ්පාදකයින්ට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබෙනවා.

අද (02) පෙරවරුවේ සුරාබදු දෙපාර්තමේන්තුව සහ මත්පැන් නිෂ්පාදකයින් සමග පැවති මාධ්‍ය හමුවක දී සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවසුවේ; මින් ඉදිරියට නිෂ්පාදනය කරන මත්පැන් ප්‍රමිතියෙන් හා නියමාකාරයෙන් සිදු කිරීමට කිසිදු අක්‍රමිකතාවක් නොවන පරිද්දෙන් තවදුරටත් කටයුතු කළ යුතු බවයි.

දූෂණයකට ඉඩ නොදී තමන්ට අදාළ බදු කොටස නිසි පරිදි නියම වේලාවට ගෙවීම සිදු කළ යුතු බවටයි සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදකයින්ට දැනුම්දී ඇත්තේ.

2023-2024 වර්ෂ දෙකෙහිම සමස්ත බදු මුදල රුපියල් බිලියන 1.8කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් ඒ සියල්ල ම නොවැම්බර් 30 වැනිදාට ප්‍රථම ගෙවා අවසන් කරන ලෙසත් එම්.ජේ.ගුණසිරි මහතා නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම වසරේ සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායම රුපියල් බිලියන 232ක් වන අතර මේ වනවිට බිලියන 162ක් සොයාගෙන ඇති බවත් එය පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 53ක වර්ධනයක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

එමෙන්ම වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර නිත්‍යානුකූලව සිදු කෙරෙන මත්පැන් නිෂ්පාදනාගාර සඳහා විශේෂ ස්ටිකර‍යක් ලබාදීමට මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදින අවසන් වීමට ප්‍රථම අවසන් කරන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දුන්නා.

එම ස්ටිකරය මගින් ව්‍යාජ මත්පැන් ගැන වැඩි අවධානයක් ලබාදිය හැකි බවටයි මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?