2023-2024 වර්ෂයට අදාළ සුරාබදු නොගෙව්වොත් පර්මිට් එක නෑ – සුරාබදු කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

2023 – 2024 අදාළව සුරාබදු ගෙවීම් පැහැර හැරියොත් 2025ට අදාළ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ලබා නොදෙන බවට සියලුම මත්පැන් නිෂ්පාදකයින්ට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබෙනවා.

අද (02) පෙරවරුවේ සුරාබදු දෙපාර්තමේන්තුව සහ මත්පැන් නිෂ්පාදකයින් සමග පැවති මාධ්‍ය හමුවක දී සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවසුවේ; මින් ඉදිරියට නිෂ්පාදනය කරන මත්පැන් ප්‍රමිතියෙන් හා නියමාකාරයෙන් සිදු කිරීමට කිසිදු අක්‍රමිකතාවක් නොවන පරිද්දෙන් තවදුරටත් කටයුතු කළ යුතු බවයි.

දූෂණයකට ඉඩ නොදී තමන්ට අදාළ බදු කොටස නිසි පරිදි නියම වේලාවට ගෙවීම සිදු කළ යුතු බවටයි සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදකයින්ට දැනුම්දී ඇත්තේ.

2023-2024 වර්ෂ දෙකෙහිම සමස්ත බදු මුදල රුපියල් බිලියන 1.8කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් ඒ සියල්ල ම නොවැම්බර් 30 වැනිදාට ප්‍රථම ගෙවා අවසන් කරන ලෙසත් එම්.ජේ.ගුණසිරි මහතා නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම වසරේ සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායම රුපියල් බිලියන 232ක් වන අතර මේ වනවිට බිලියන 162ක් සොයාගෙන ඇති බවත් එය පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 53ක වර්ධනයක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

එමෙන්ම වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර නිත්‍යානුකූලව සිදු කෙරෙන මත්පැන් නිෂ්පාදනාගාර සඳහා විශේෂ ස්ටිකර‍යක් ලබාදීමට මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදින අවසන් වීමට ප්‍රථම අවසන් කරන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දුන්නා.

එම ස්ටිකරය මගින් ව්‍යාජ මත්පැන් ගැන වැඩි අවධානයක් ලබාදිය හැකි බවටයි මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝච්චියේ ආපු විශේෂ අමුත්තන්ව දැක්ක මිනිස්සු පුදුම වෙයි
01:36
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ඩඩ්ලි එයි
01:56
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:19
Video thumbnail
ඇමති හඳුන්නෙත්ති හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:38
Video thumbnail
ලොරියක ගැටුණු ඩිෆෙන්ඩර් රථය කුඩේ කුඩු
00:43
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
00:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
01:00
Video thumbnail
පච කියලම ජනාධිපතිගේ මූණ කළුවෙලා - නාමල්ට හොඳටම හිනා
12:41
Video thumbnail
දේශපාලන ප්‍රබලයෝ රැසක් පෝලිමට හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
04:28
Video thumbnail
තනියෙන් ආ හඳුන්නෙත්ති, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
02:05