2023 වසරේ කොරියාවට ගිය ශ්‍රී ලාංකිකයන් ගණන 5000 ඉක්මවයි

ගතවූ මාස 09 ක කාලය තුළ රැකියාවන් සඳහා දකුණු කොරියාවට ශ්‍රී ලාංකිකයින් 5091 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ඒ අතරින් 100 දෙනෙකු කාන්තාවන් බව සඳහන්.

මෙම මස 03 වැනි දින 54 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇති අතර, අද තවත් 36 දෙනෙකු පිටත්ව යාමට නියමිතයි.

මෙරට ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ රැකියාවන් ලබා ගැනීම සදහා විදේශ රැකියා ඇමතිවරයා එරට රාජ්‍ය බලධාරීන්ට කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිසට රැකියා අවස්ථා හිමිවී තිබෙනවා.

මෙලෙස පිටත්ව ගොස් ඇති අය අතරින් 3976 දෙනෙකු දකුණු කොරියාණු භාෂා පරීක්ෂණය සමත් වූ අයයි.

ඉතිරි 1115 දෙනා මීට පෙර දකුණු කොරියාවේ සේවය කර මෙරටට පැමිණ සිටි පිරිස බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා.

පිටත්ව ගොස් ඇති ශ්‍රමිකයින් අතරින් පිරිමි 4100ක් සහ කන්තාවන් 98 දෙනෙකු නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා වන අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රයට පිරිමි ශ්‍රමිකයින් 147 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.

ධීවර ක්ෂේත්‍රයට පිරිමි ශ්‍රමිකයින් 741ක් සහ කාන්තවන් 02ක් ද පිටත්ව ගොස් ඇති අතර, කාෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා පිරිමි ශ්‍රමිකයින් තිදෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.

පසුගිය වසරේ මුල් මාස 09 තුළ මෙරට ශ්‍රමිකයින් 3460 දෙනෙකු රැකියාවන් සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇතැයි සඳහන්.

ඒ අනුව 2023 වසරේ ගෙවී ගිය මාස 09ක කාලයට එය 44% ක වර්ධනයක් බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා.

මේ වන විට සෑම සතියකදීම ශ්‍රමිකයින් 200කට ආසන්න පිරිසක් කොරියාව බලා පිටත් කර යැවීමටයි කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව සමග එක්ව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් ඇත්තේ.

රාත්‍රියේදී ශ්‍රමිකයින් 54 දෙනෙකු කොරියාව බලා පිටත්ව ගිය ගුවන් යානයෙන්ම අමාත්‍යවරයා ද නිල සංචාරයක් සඳහා ඊයේ දිනයේදී කොරියාව බලා පිටත්ව ගියා.

මෙරට ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ තවත් රැකියා අවස්ථාවන් ලබා ගැනීම සඳහා එරට බලධාරීන් සහ ඇමතිවරයා අතර සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව පදනම් කරගත් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මේ වසරේ ශ්‍රී ලාංකිකයන් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා 8,000ක් ලබාදීමට එකඟ වී තිබුණා.

කොරියානු භාෂාව පිළිබඳ දැනුමක් ඇති පුහුණු ශ්‍රමිකයන්ට වැඩි අවස්ථා ලබා දෙමින් ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීම තවදුරටත් ඉහළ නැංවීමට මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී දකුණු කොරියාව එකඟ වී තිබෙනවා.

කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේදී පැවසුවේ දකුණු කොරියාව මේ වසරේ ශ්‍රී ලාංකික සේවකයින් බඳවා ගැනීම දෙගුණ කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?