Empty Ad
AFC Banner
Empty Ad

2023 මුද්‍රණ සහ වෙළෙඳ ප්‍රදර්ශනය එළඹෙන 26 BMICH හි දී

ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය, එළඹෙන ශ්‍රී ලංකා මුද්‍රණ සහ වෙළෙඳ ප්‍රදර්ශනය 2023 හා ඊට සමගාමී ව පැවැත්වෙන මුද්‍රණ විශිෂ්ටතා සම්මාන උලෙළ පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනය සමග එක්ව පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය පිට පිට දෙවැනි වරටත් ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය සමග අත්වැල් බැඳගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව මෙම ප්‍රදර්ශනය අති නවීන තාක්ෂණයන්හි විශිෂ්ට ප්‍රදර්ශනයක් වන අතර එය ඔක්තෝබර් 26 සිට 28 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) දී පැවැත්වෙනු ඇති.

නියමිත දිනයන්හි දී දිනපතා පෙරවරු 09:00 සිට පස්වරු 07:00 දක්වා මෙය පැවැත්වෙනු ඇති.

මුද්‍රණ සහ ඇසුරුම් ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා, නිෂ්පාදන සහ සේවා ගවේෂණය කිරීමට කර්මාන්තයේ පාර්ශ්වකරුවන්ට මෙම උත්සවය වේදිකාවක් වනු ඇති.

සහභාගිවන්නන්ට නව්‍යකරණයන්හි උච්චතම අවස්ථාව විදහා දක්වන උද්‍යෝගිමත් ප්‍රදර්ශනයක් ලෙසයි ප්‍රසිද්ධියක් උසුලන්නේ.

කුසලතාවයේ සහ ශිල්පීය දක්ෂතාවයේ විශිෂ්ටත්වය මෙම ප්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණයි.

2023 ඔක්තෝම්බර් 27 වන දින සන්ධ්‍යාවේ කොළඹ – 03 හි පිහිටි මැරිනෝ බීච් හෝටලයේදී පැවැත්වීමට
නියමිත ජාතික මුද්‍රණ සම්මාන උලෙළ, වසර හතරක විරාමයකින් පසු මුද්‍රණ විශිෂ්ටත්වයේ විශිෂ්ට ජයග්‍රහණ
හඳුනාගෙන ගෞරව කිරීමට ද සූදානමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
<p>?</p>