2023 නොබෙල් සාම ත්‍යාගය ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරිණියකට

ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගෙස් මොහම්මදී මහත්මිය 2023 නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

ඉරාන කාන්තාවන් අයුක්ති සහගත ලෙස පීඩනයට පත් කිරීමට එරෙහිව පෙනී සිටීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සැමට නිදහස ළඟා කරදීමට සටන් වැදීම හේතුවෙනුයි නාර්ගෙස් මොහම්මදී මහත්මියට මෙවර නොබෙල් සාම ත්‍යාගය ලබා දීමට තීරණය කර ඇත්තේ.

නාර්ගෙස් මොහම්මදී කාන්තාවන් සහ මානව හිමිකම් වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ඇයට විශාල වන්දියක් ගෙවීමට ද සිදුව තිබෙනවා.

මේ වන විට ඇය 13 වතාවක් ඉරාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් අවස්ථා 5කදී ඇය වරදකාරිය වී ඇතැයි සඳහන්.

ඒ සඳහා සම්පූර්ණයෙන් වසර 31ක සිර දඬුවමක් සහ කස පහරවල් 154ක් ඇයට ලැබී තිබුණා.

නොබෙල් කමිටුවේ ප්‍රධානියා, නාර්ගෙස් මොහම්මදී ගේ කාන්තා හිංසනයට එරෙහි සටන අගය කළේ ඇය “නිදහස් සටන්කාමියෙකු” බව පවසමින්.

ඇය මේ වන විට ටෙහෙරානයේ කුප්‍රකට එවින් බන්ධනාගාරයේ දිගු සිර දඬුවමක් විඳිමින් සිටින අතර ඉරානය ඇයව ඉක්මනින් නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි නොබෙල් සාම ත්‍යාග කමිටුව ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58