AFC Banner
Empty Ad
Empty Ad

2023 ට සරසවියට අයඳුම්පත් කැඳවීම හෙටින් අවසන් – UGC වෙතින් සිහි කැඳවීමක් (නිවේදනය)

2023 වර්ෂයට අදාළ ව විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව 2023 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ සමත් සිසුන් 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වනවිට (04) අයදුම්පත් කැඳවා ඇති බවයි.

ඒ අනුව පසුගිය වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට අන්තර්ජාලය මගින් අයදුම් කිරීමේ අවසාන දිනය මෙම වසරේ ජූලි මස 05 එනම් හෙට දිනයෙන් අවසන් වන බව ද එහි සඳහන්.

මෙතෙක් එම කටයුතු අවසන් නොකළ සිසුන් අදාළ අයදුම්පත විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් යොමු කරන ලෙසට ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිහි කැඳවීමක් කර තිබෙනවා.

WhatsApp Image 2024 07 04 at 11.25.17
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?