2023 උසස් පෙළ අවම පැමිණීමේ ප්‍රතිශතය සංශෝධනය කෙරේ

2023 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අනිවාර්ය පැමිණීමේ අනුපාතය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංශෝධනය කර තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියාසිටියේ විභාගයට පෙනී සිටින සිසුන්ට තම අයදුම්පත් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ අවම වශයෙන් 40% පැමිණීමේ අනුපාතයක් පමණක් බවයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට එල්ල වූ බලපෑම් සහ රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළා.

අර්බුද හේතුවෙන් සිසුන් කිහිප දෙනෙකුට ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට සහභාගී වීමට නොහැකි වීම ඇතුළු කරුණු සැලකිල්ලට ගෙන විභාග අයදුම්පත්‍රය සඳහා පැමිණීමේ අනුපාතය සංශෝධනය කළ බවයි ඔහු සඳහන් කළේ.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සංශෝධිත අනිවාර්ය පැමිණීමේ අනුපාතය පිළිබඳ චක්‍රලේඛයක් සියලුම අධ්‍යාපන නිලධාරීන් වෙත නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් අනිවාර්ය පැමිණීමේ අනුපාතය අවම වශයෙන් 40% දක්වා සංශෝධනය කර ඇත්තේ මේ වසර සඳහා පමණක් බවයි ඔහු කියාසිටියේ.

2023 උසස් පෙළ විභාගය 2023 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත් වීමට නියමිතයි.

AL Students 80 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
3
+1
18
+1
2
+1
5
+1
3
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?