2022 IPL තරගාවලියේ රාජස්ථාන් කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස සංගක්කාර හෙළිකරයි

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම පරාජය කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ඊයේ (27) රාත්‍රියේ හැකියාව ලැබුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගක් සඳහා සුදුසුකම් ලැබුවේ 2008 වසරට පසු වීම විශේෂත්වයක්.

2008 වසරේ අවසන් මහා තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් රාජස්ථාන් පිළ අයි.පී.එල්. ශූරතාවයට හිමිකම් කීමට ද සමත් වුණා.

මේ අතර මෙවර රාජස්ථාන් පිළේ සාර්ථකත්වයට හේතුව එම කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර ඊයේ අවධාරණය කළා.

එහිදී ඔහු පැවසුවේ පළපුරුදු දක්ෂ ක්‍රීඩකයන් ක්‍රීඩක වෙන්දේසියේදී මිල දී ගැනීමේ ක්‍රමෝපාය මෙවර රාජස්ථාන් කණ්ඩායමේ සාර්ථකත්වය ප්‍රධානතම හේතු සාධකය වූ බවයි.

කණ්ඩායමට ක්‍රීඩකයන් එක් කරගැනීමේ ප්‍රතිපත්තිය තුළින් ලැබූ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංගක්කාර වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රහාරාත්මක පිතිකරු ජෝෂ් බට්ලර් වැනි ක්‍රීඩකයින්ගේ තරගයක් වෙනස් කිරීමට ඇති දක්ෂතාව අසමසම බවයි.

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ අවසන් මහා තරගය රාජස්ථාන් රෝයල්ස් සහ මෙවර තරගාවලියට අලුතින්ම එක්වූ ගුජරාට් ටයිටන්ස් අතර හෙට (29) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?