2022 IPL තරගාවලියේ රාජස්ථාන් කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස සංගක්කාර හෙළිකරයි

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම පරාජය කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ඊයේ (27) රාත්‍රියේ හැකියාව ලැබුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගක් සඳහා සුදුසුකම් ලැබුවේ 2008 වසරට පසු වීම විශේෂත්වයක්.

2008 වසරේ අවසන් මහා තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් රාජස්ථාන් පිළ අයි.පී.එල්. ශූරතාවයට හිමිකම් කීමට ද සමත් වුණා.

මේ අතර මෙවර රාජස්ථාන් පිළේ සාර්ථකත්වයට හේතුව එම කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර ඊයේ අවධාරණය කළා.

එහිදී ඔහු පැවසුවේ පළපුරුදු දක්ෂ ක්‍රීඩකයන් ක්‍රීඩක වෙන්දේසියේදී මිල දී ගැනීමේ ක්‍රමෝපාය මෙවර රාජස්ථාන් කණ්ඩායමේ සාර්ථකත්වය ප්‍රධානතම හේතු සාධකය වූ බවයි.

කණ්ඩායමට ක්‍රීඩකයන් එක් කරගැනීමේ ප්‍රතිපත්තිය තුළින් ලැබූ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංගක්කාර වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රහාරාත්මක පිතිකරු ජෝෂ් බට්ලර් වැනි ක්‍රීඩකයින්ගේ තරගයක් වෙනස් කිරීමට ඇති දක්ෂතාව අසමසම බවයි.

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ අවසන් මහා තරගය රාජස්ථාන් රෝයල්ස් සහ මෙවර තරගාවලියට අලුතින්ම එක්වූ ගුජරාට් ටයිටන්ස් අතර හෙට (29) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08