AFC Banner
Empty Ad
Empty Ad

2022 වර්ෂය වෙනුවෙන් බාබා වැන්ගා ගේ අනාවැකි

ඩයනා කුමරියගේ මරණය, 9/11 දින අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යයේ ඉවත්වීම ඇතුළු අනාවැකි රැසක් සාර්ථකව පළකෙරූ “බෙල්කන් හි නොස්ට්‍රඩමස්” යනුවෙන් හඳුන්වනු ලබන බාබා වැන්ගා විසින් එළඹෙන 2022 වර්ෂයේ ලෝකයේ සිදුවිය හැකි ඉතා භයානක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අනාවැකි පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

1911 වර්ෂයේදී බල්ගේරියාවේ උපත ලැබූ කාන්තාවක් වන ඇය කුඩා කාලයේදී ටෝර්නේඩෝවකට හසුවීමෙන් අතුරුදහන්වී පැය කිහිපයකට පසුව ගම්වැසියන් විසින් සොයා ගනු ලැබූ අතර, එතැන් පටන් ඇය ගේ දෙනෙත් අන්ධභාවයට පත්වුවා.

තමාව දුවිලි කුණාටුවකින් ඔසවා ගෙන ගිය බවත් එහිදී කවුරුන් හෝ තමන්ට කතා කරන ශබ්දය ඇසුණු බව පැවසූ බාබා වැන්ගා අනාගතයේදී සිදුවිය හැකි දේ ගැන අනාවැකි පළකිරීමේ හැකියාව තමන් සතුව බව ප්‍රකාශ කර සිටියා.

පළමුව ඇයගේ එම ප්‍රකාශය ගම්වැසියන් විසින් හාස්‍යට ලක් කෙරුණද පසුව ඇය විසින් පලකරනු ලැබූ අනාවැකි එකිනෙක සැබෑ වීමත් සමග ඇයට “බෙල්කන් හි නොස්ට්‍රඩමස්” යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවා.

1996 වර්ෂයේදී මියගිය බාබා වැන්ගා විසින් වර්ෂ 5079 දක්වා ලෝකය තුල සිදුවිය හැකි ඇතැම් කරුණු සම්බන්ධයෙන් අනාවැකි පළකර තිබෙනවා. මේ එළඹෙන 2022 වර්ෂය සඳහා ඇය විසින් පළකර තිබෙන අනාවැකි සමහරක් විදෙස් මාධ්‍ය විසින් පළකර තිබෙනවා.

ඒ අනුව,

  • සයිබිරියාවෙන් ඉතා භයානක වෛරසයක් හමුවෙනු ඇති බවත් දිනෙන් දින ඉහළ යන ගෝලීය උෂ්ණත්වය හමුවේ මෙම වෛරසය ලෝකය තුල ව්‍යාප්ත වෙනු ඇති බවත් එහි ප්‍රථිපලය මනුෂ්‍ය සංහතියට දැඩි බලපෑමක් එල්ල කරනු ලබන බවට බාබා වැන්ගා විසින් අනාවැකි පළකර තිබෙනවා.
  • ඉන්දියානු සාගර කලාපය සහ ඔස්ට්‍රේලියාව ඇතුළුව ආසියානු කලාපයට බලපාන ප්‍රබල සුනාමි තත්ත්වයක් සහ භූමිකම්පා තත්ත්වයක් සම්බන්ධයෙන් ද ඇය විසින් අනාවැකි පළකර තිබෙනවා.
  • කෘමි උවදුර හේතුවෙන් ඉන්දියාවේ සිදුවන වගා විනාශය සහ උෂ්ණත්ව සෙල්සියස් අංශක 50 ඉක්මවා වාර්තා වනු ඇති බවට ද ඇය අනාවැකි පළකර ඇත.
  • ලොවපුරා පානිය ජල ගැටළුව උග්‍ර අතට හැරීම, ලෝකයේ බහුතරයක් මනුෂ්‍යයින් සැබෑව නොව අත්‍ය යථාර්ථය තුල ජීවත්වීමට හුරුවීම සම්බන්ධයෙන් ද බාබා වැන්ගා අනාවැකි පළකර තිබෙනවා.
  • 2022 වර්ෂයේදී පිටසක්වල ජීවින් විසින් පෘථිවියට ග්‍රාහකයක් උපයෝගී කරගනිමින් පහරදීම ( බාබා වැන්ගා විසින් මෙය හඳුන්වා ඇත්තේ ‘Oumuamua’ යනුවෙනි) සිදුකරනු ඇති බවටද ඇය සිය අනාවැකි අතර සඳහන් කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
56
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?