2022 වර්ෂය වෙනුවෙන් බාබා වැන්ගා ගේ අනාවැකි

ඩයනා කුමරියගේ මරණය, 9/11 දින අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යයේ ඉවත්වීම ඇතුළු අනාවැකි රැසක් සාර්ථකව පළකෙරූ “බෙල්කන් හි නොස්ට්‍රඩමස්” යනුවෙන් හඳුන්වනු ලබන බාබා වැන්ගා විසින් එළඹෙන 2022 වර්ෂයේ ලෝකයේ සිදුවිය හැකි ඉතා භයානක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අනාවැකි පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

1911 වර්ෂයේදී බල්ගේරියාවේ උපත ලැබූ කාන්තාවක් වන ඇය කුඩා කාලයේදී ටෝර්නේඩෝවකට හසුවීමෙන් අතුරුදහන්වී පැය කිහිපයකට පසුව ගම්වැසියන් විසින් සොයා ගනු ලැබූ අතර, එතැන් පටන් ඇය ගේ දෙනෙත් අන්ධභාවයට පත්වුවා.

තමාව දුවිලි කුණාටුවකින් ඔසවා ගෙන ගිය බවත් එහිදී කවුරුන් හෝ තමන්ට කතා කරන ශබ්දය ඇසුණු බව පැවසූ බාබා වැන්ගා අනාගතයේදී සිදුවිය හැකි දේ ගැන අනාවැකි පළකිරීමේ හැකියාව තමන් සතුව බව ප්‍රකාශ කර සිටියා.

පළමුව ඇයගේ එම ප්‍රකාශය ගම්වැසියන් විසින් හාස්‍යට ලක් කෙරුණද පසුව ඇය විසින් පලකරනු ලැබූ අනාවැකි එකිනෙක සැබෑ වීමත් සමග ඇයට “බෙල්කන් හි නොස්ට්‍රඩමස්” යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවා.

1996 වර්ෂයේදී මියගිය බාබා වැන්ගා විසින් වර්ෂ 5079 දක්වා ලෝකය තුල සිදුවිය හැකි ඇතැම් කරුණු සම්බන්ධයෙන් අනාවැකි පළකර තිබෙනවා. මේ එළඹෙන 2022 වර්ෂය සඳහා ඇය විසින් පළකර තිබෙන අනාවැකි සමහරක් විදෙස් මාධ්‍ය විසින් පළකර තිබෙනවා.

ඒ අනුව,

  • සයිබිරියාවෙන් ඉතා භයානක වෛරසයක් හමුවෙනු ඇති බවත් දිනෙන් දින ඉහළ යන ගෝලීය උෂ්ණත්වය හමුවේ මෙම වෛරසය ලෝකය තුල ව්‍යාප්ත වෙනු ඇති බවත් එහි ප්‍රථිපලය මනුෂ්‍ය සංහතියට දැඩි බලපෑමක් එල්ල කරනු ලබන බවට බාබා වැන්ගා විසින් අනාවැකි පළකර තිබෙනවා.
  • ඉන්දියානු සාගර කලාපය සහ ඔස්ට්‍රේලියාව ඇතුළුව ආසියානු කලාපයට බලපාන ප්‍රබල සුනාමි තත්ත්වයක් සහ භූමිකම්පා තත්ත්වයක් සම්බන්ධයෙන් ද ඇය විසින් අනාවැකි පළකර තිබෙනවා.
  • කෘමි උවදුර හේතුවෙන් ඉන්දියාවේ සිදුවන වගා විනාශය සහ උෂ්ණත්ව සෙල්සියස් අංශක 50 ඉක්මවා වාර්තා වනු ඇති බවට ද ඇය අනාවැකි පළකර ඇත.
  • ලොවපුරා පානිය ජල ගැටළුව උග්‍ර අතට හැරීම, ලෝකයේ බහුතරයක් මනුෂ්‍යයින් සැබෑව නොව අත්‍ය යථාර්ථය තුල ජීවත්වීමට හුරුවීම සම්බන්ධයෙන් ද බාබා වැන්ගා අනාවැකි පළකර තිබෙනවා.
  • 2022 වර්ෂයේදී පිටසක්වල ජීවින් විසින් පෘථිවියට ග්‍රාහකයක් උපයෝගී කරගනිමින් පහරදීම ( බාබා වැන්ගා විසින් මෙය හඳුන්වා ඇත්තේ ‘Oumuamua’ යනුවෙනි) සිදුකරනු ඇති බවටද ඇය සිය අනාවැකි අතර සඳහන් කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
56
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10