2008 සිදුකළ වරදට පොලීසියේ හතරකට සිර දඬුවම්

මීට වසර දාහතකට පෙර මීටියාගොඩ පොලිස් වසමේ සිදුවූ පහරදීමකට අදාළව එවකට මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ තවත් නිලධාරීන් තිදෙනක්ට ඊයේ (11) බලපිටිය මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම සිර දඬුවම් නියම කළේ 2008 වසරේ මාර්තු මස 03 වන දින මීටියාගොඩ පොලිස් වසමේ ඩොමී ජයවර්ධන මාවතේ පදිංචිව සිටි එවකට පහළොස් හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගෙන පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සලය මගින් මෙම පොලිස් නිලධාරින් සිව් දෙනාට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ලබාදෙමින්.

එවකට මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපතිව සිටි සී.අයි.නිශ්ශංක හට වසර අටක ලිහිල් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා අයි.පී.අතුකෝරළ නිලධාරීයාට වසර නවයක බරපතළ වැඩ සහිත සිර දඬුවම්ද,තවත් නිලධාරීන් දෙදෙනෙක්ට වසර අට බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමකොට තිබෙනවා.

තවද ඔවුන්ට දස දහස බැගින්වූ දඩ මුදල්ද නියම කොට ඇති අතර එම දඩ මුදල් නොගවන්නේ නම් තවත් වසරක් සඳහා සිරදඩුම් දීර්ඝ කරන ලෙසත් අගතියට පත් පාර්ශවය වෙත රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54
Video thumbnail
රාජිත ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:51
Video thumbnail
මේ කෝටි 10000ක හොරකමට ආණ්ඩුව වගකියන්න ඕනේ
09:34
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56