AFC Banner
AFC Banner
Empty Ad

20-20 ලෝක ශූරයෝ හෙට දිල්ලියට

මව්රටට පැමිණීම පමා වූ පන්දුවාර 20-20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම බ්‍රහස්පතින්දා (හෙට) උදෑසන නවදිල්ලියට ගොඩබසිනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රිකට් ක්‍රීඩකයින්, සහායක කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල් සහ BCCI ඉහළ නිලධාරීන් ඇතුළු ඉන්දීය කණ්ඩායමට අයත් පුද්ගලයින් 70ක් පමණ පසුගිය දින තුන තුළ බාර්බඩෝස් හි සිර වී සිටියේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.

ඉන්දීය කණ්ඩායම පසුගිය 29 වනදා අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක ශූරයන් බවට පත් වූ නමුත් බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් ඔවුන්ගේ මව්රට බලා පැමිණීම ප්‍රමාද වුණා.

ඒ, අනුව ඉන්දීය ප්‍රේක්ෂකයින්ට සිදු වුණේ ලෝක ශූරයන් පිළිගැනීමට සතියකට වැඩි කාලයක් බලා සිටීමටයි.

මේ අතර කණ්ඩායම රැගෙන ඒමට ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ ගුවන් යානය, බදාදා අලුයම 3.00ට (බාර්බඩෝස් වේලාවෙන්) පමණ බාබඩෝස් හි ග්‍රැන්ට්ලි ඇඩම්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිතව තිබූ බවයි වාර්තා වුණේ.

ඉන්දීය කණ්ඩායම රැගත් ගුවන් යානය බ්‍රිජ්ටවුන්වලින් බදාදා උදෑසන 8.30ට (බාර්බඩෝස් වේලාවෙන්) ඉන්දියාව බලා පිටත්වීමට නියමිත අතර, එය බ්‍රහස්පතින්දා උදෑසන 5.00 පමණ වන විට නවදිල්ලියට ළඟා වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?