20 හැවිරිදි තරුණියක් නසා ගමන් මල්ලක දමා රැගෙන ගිය කොරියානු කතකගේ තොරතුරු එළියට

20 හැවිරිදි තරුණියක් ඝාතනය කළ 23 හැවිරිදි තවත් තරුණියකගේ අනන්‍යතව පිළිබඳ තොරතුරු දකුණු කොරියානු පොලිසිය විසින් පසුගිය දා අනාවරණය කර තිබෙනවා.

ජුං යූ-ජුං නැමති අදාල සැකකාරිය පසුගිය මැයි 26 වනදා දකුණු කොරියාවේ බුසාන් ප්‍රදේශයේ නිවසක් තුළ මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනය සිදුකිරීමෙන් පසු අපරාධකාරිය මළ සිරුර කොටස්වලට වෙන්කර ගමන් මල්ලක දමා නක්ඩොං ගඟේ ඉවුර ප්‍රදේශයකට රැගෙන ගොස් දමා ඇති බවයි වාර්තා වන්නේ.

තරුණියක් ලේ තැවරුණු ගමන් මල්ලක් රැගෙන ගිය බවට, අපරාධකාරිය ගමන් ගත් කැබ් රථයේ රියදුරා විසින් පොලීසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි ඇයව මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

අනතුරුව පොලිසිය විසින් සිදුකළ විමර්ශනවල දී මියගිය තරුණියගේ සිරුරේ කොටස් ගං ඉවුරේ තිබී සොයාගෙන ඇති අතර, තවත් සිරුරු කොටස් කිහිපයක් ඇයගේ නිවසේ තිබී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකාරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය විසින් කළ ප්‍රශ්න කිරීමේ දී, නවකතා කියවීමෙන් සහ මිනීමැරුම් පිළිබඳ රූපවාහිනී වැඩසටහන් නැරඹීමෙන් ඝාතනයක් සිදුකිරීමට තමන්ට කුතුහලයක් ඇති වූ බවට ඇය පවසා ඇති බව සඳහන්.

අනතුරුව මෙම ඝාතනය සැලසුම් කළ බවත් සැකකාරිය පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

උපකාරක පන්ති සඳහා ඇති ජංගම යෙදුමක් මඟින් ඝාතනය ලක් වූ තරුණිය සමඟ හිතවත්කමක් ගොඩනගාගෙන ඇයගේ නිවසට ම ගොස් මෙම අපරාධය සිදුකළ බවයි සැකකාරිය පොලිසියට පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
3
+1
5
+1
10
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40