spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

20 හැවිරිදි තරුණියක් නසා ගමන් මල්ලක දමා රැගෙන ගිය කොරියානු කතකගේ තොරතුරු එළියට

20 හැවිරිදි තරුණියක් ඝාතනය කළ 23 හැවිරිදි තවත් තරුණියකගේ අනන්‍යතව පිළිබඳ තොරතුරු දකුණු කොරියානු පොලිසිය විසින් පසුගිය දා අනාවරණය කර තිබෙනවා.

ජුං යූ-ජුං නැමති අදාල සැකකාරිය පසුගිය මැයි 26 වනදා දකුණු කොරියාවේ බුසාන් ප්‍රදේශයේ නිවසක් තුළ මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනය සිදුකිරීමෙන් පසු අපරාධකාරිය මළ සිරුර කොටස්වලට වෙන්කර ගමන් මල්ලක දමා නක්ඩොං ගඟේ ඉවුර ප්‍රදේශයකට රැගෙන ගොස් දමා ඇති බවයි වාර්තා වන්නේ.

තරුණියක් ලේ තැවරුණු ගමන් මල්ලක් රැගෙන ගිය බවට, අපරාධකාරිය ගමන් ගත් කැබ් රථයේ රියදුරා විසින් පොලීසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි ඇයව මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

අනතුරුව පොලිසිය විසින් සිදුකළ විමර්ශනවල දී මියගිය තරුණියගේ සිරුරේ කොටස් ගං ඉවුරේ තිබී සොයාගෙන ඇති අතර, තවත් සිරුරු කොටස් කිහිපයක් ඇයගේ නිවසේ තිබී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකාරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය විසින් කළ ප්‍රශ්න කිරීමේ දී, නවකතා කියවීමෙන් සහ මිනීමැරුම් පිළිබඳ රූපවාහිනී වැඩසටහන් නැරඹීමෙන් ඝාතනයක් සිදුකිරීමට තමන්ට කුතුහලයක් ඇති වූ බවට ඇය පවසා ඇති බව සඳහන්.

අනතුරුව මෙම ඝාතනය සැලසුම් කළ බවත් සැකකාරිය පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

උපකාරක පන්ති සඳහා ඇති ජංගම යෙදුමක් මඟින් ඝාතනය ලක් වූ තරුණිය සමඟ හිතවත්කමක් ගොඩනගාගෙන ඇයගේ නිවසට ම ගොස් මෙම අපරාධය සිදුකළ බවයි සැකකාරිය පොලිසියට පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
3
+1
5
+1
10
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?