19 වෙනි වරටත් ඉදිරිපත් කරන ”ඩයලොග් රිදී රැයක් 2021” දෙසැම්බර් 31 රාත්‍රී 9 සිට ස්වර්ණවාහිනියෙන්

ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත නැවුම් අත්දැකීමක් එක් කරමින්, සිනමා තාරකාවන්ගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අත්දැකීම් විඳගැනීමට ‘ඩයලොග් රිදී රැයක් 2021’ තුළින් මෙවරටත් ඔබට අවස්ථාව හිමි වෙනවා. දෙසැම්බර් 31 රාත්‍රී 9 සිට මෙම අති උත්කර්ෂවත් ප්‍රාසාංගික අත්දැකීම ස්වර්ණවාහිනිය ඔස්සේ ඔබ හමුවේ තබන්නට මේ වන විට සියළු කටයුතු සූදානම් කර අවසන්.

19 වෙනි වරටත් ඉදිරිපත් කරන ‘ඩයලොග් රිදී රැයක් 2021’ ප්‍රසංගයේදී චන්න උපුලී නර්තන කණ්ඩායම සමඟ එක්ව විවිධ යුගවල ජනප්‍රිය වූ ගීතයන්ට මිහිරි නර්තනාංග රැසක් ඉදිරිපත් කිරීමට වත්මන් රිදී තිරයේ ජනකාන්ත සිනමා තරු පොකුරක් සැදී පැහැදී සිටින අතර ජීවන් කුමාරණතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියානි අමරසේන, වීණා ජයකොඩි, බන්දු සමරසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, චිලී තිලංක, විශ්ව කොඩිකාර, සචිනි අයේන්ද්‍රා, අනුජ් රණසිංහ, ජනිත් වික්‍රමගේ, කාවිංග පෙරේරා, උදාර රත්නායක,දිනක්ෂි ප්‍රියසාද්, සෙනාලි ෆොන්සේකා, උදාරි පෙරේරා, තාරුකා වන්නිආරච්චි, චුලක්ෂි රණතුංග, විනූ සිරිවර්ධන, මාෂි සිරිවර්ධන, ඇතුළු තවත් බොහෝ තරු රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

වර්තමානයේ පවතින කොවිඩ් – 19 තත්වය යටතේ පෙර මෙන් සජීව අයුරින් සංවිධාන කිරීමට නොහැකි බැවින් මෙවර ප්‍රසංගය දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 9 සිට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ පටිගත කළ වැඩසටහනක් ලෙස විකාශය කිරීමට කටයුතු සලසා ඇත.

නව වසරකට පා තබන රාත්‍රියේ ඔබත් සිනමා තාරකාවන්ගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අත්දැකීමක පහස විඳගන්නට 31 වනදා රාත්‍රී 9 සිට ස්වර්ණවාහිනිය සමඟින් එක්වන්න…!!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33