19 වෙනි වරටත් ඉදිරිපත් කරන ”ඩයලොග් රිදී රැයක් 2021” දෙසැම්බර් 31 රාත්‍රී 9 සිට ස්වර්ණවාහිනියෙන්

ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත නැවුම් අත්දැකීමක් එක් කරමින්, සිනමා තාරකාවන්ගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අත්දැකීම් විඳගැනීමට ‘ඩයලොග් රිදී රැයක් 2021’ තුළින් මෙවරටත් ඔබට අවස්ථාව හිමි වෙනවා. දෙසැම්බර් 31 රාත්‍රී 9 සිට මෙම අති උත්කර්ෂවත් ප්‍රාසාංගික අත්දැකීම ස්වර්ණවාහිනිය ඔස්සේ ඔබ හමුවේ තබන්නට මේ වන විට සියළු කටයුතු සූදානම් කර අවසන්.

19 වෙනි වරටත් ඉදිරිපත් කරන ‘ඩයලොග් රිදී රැයක් 2021’ ප්‍රසංගයේදී චන්න උපුලී නර්තන කණ්ඩායම සමඟ එක්ව විවිධ යුගවල ජනප්‍රිය වූ ගීතයන්ට මිහිරි නර්තනාංග රැසක් ඉදිරිපත් කිරීමට වත්මන් රිදී තිරයේ ජනකාන්ත සිනමා තරු පොකුරක් සැදී පැහැදී සිටින අතර ජීවන් කුමාරණතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියානි අමරසේන, වීණා ජයකොඩි, බන්දු සමරසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, චිලී තිලංක, විශ්ව කොඩිකාර, සචිනි අයේන්ද්‍රා, අනුජ් රණසිංහ, ජනිත් වික්‍රමගේ, කාවිංග පෙරේරා, උදාර රත්නායක,දිනක්ෂි ප්‍රියසාද්, සෙනාලි ෆොන්සේකා, උදාරි පෙරේරා, තාරුකා වන්නිආරච්චි, චුලක්ෂි රණතුංග, විනූ සිරිවර්ධන, මාෂි සිරිවර්ධන, ඇතුළු තවත් බොහෝ තරු රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

වර්තමානයේ පවතින කොවිඩ් – 19 තත්වය යටතේ පෙර මෙන් සජීව අයුරින් සංවිධාන කිරීමට නොහැකි බැවින් මෙවර ප්‍රසංගය දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 9 සිට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ පටිගත කළ වැඩසටහනක් ලෙස විකාශය කිරීමට කටයුතු සලසා ඇත.

නව වසරකට පා තබන රාත්‍රියේ ඔබත් සිනමා තාරකාවන්ගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අත්දැකීමක පහස විඳගන්නට 31 වනදා රාත්‍රී 9 සිට ස්වර්ණවාහිනිය සමඟින් එක්වන්න…!!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?