15 හැවිරිදි සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

ගම්පොළ, බෝතලාපිටිය ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දියනෑමට ගිය සිසුවෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිසුවා ඊයේ (29) දහවල් මෙලෙස යේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඈති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ, කහටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි සිසුවෙක්.

මෙම දරුවා දිය නාමින් සිටිය දී දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?