15 හැවිරිදි දැරිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට දිලුම් අමුණුගම සමාව ගනී

පසුගිය දින කිහිපයේ මෙරට මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් වූ 15 හැවිරිදි දැරියක්, අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන් අතින් අප්ජෝජයට ලක් වූ බව කියන ස්ද්ධියේ අදාළ දැරිය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් සිදුකළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පවසනවා.

අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

තමාගෙන් මාධ්‍යවේදියෙක් ඒ සම්බන්ධයෙන් විමසූ විට තමන් දැනුවත්ව සිටි පරිදි සිදු කළ ප්‍රක්ෂයක් විකෘති කරමින් තමන් ඒම දැරියට ගණිකාවක් බවට පැවසූවා යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍යයේ ප්‍රහාර එල්ල කරන බවයි දිලුම් අමුණුගම පෙන්වා දුන්නා.

ඒ අනුව එම ප්‍රකාශය තුළින් එම දැරියට හෝ, එම දැරියගේ කිසියම් හිතවතෙක්ට හෝ වෙනත් කිසියම් අයෙක්ට සිත් රිදවීමක් ඇතිවූවා නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
9
+1
42
+1
1
+1
2
+1
2
+1
6
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted