14 හැවිරිදි දියණිය සහ පියා වෑන් රථයක ගැටී මරු වැළඳගනී

කටුගස්තොට, නවයාලතැන්න, ජම්බුගහපිටිය මාර්ගයේ සිදුවූ අනතුරකින් පියෙක් සහ ඔහුගේ 14 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෙරේදා (09) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ 14 හැවිරිදි දැරියක් සහ ඇයගේ 47 හැවිරිදි පියා බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

නවයාලතැන්න දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පියාගේ සහ දියණියගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ දෙදෙනා කටුගස්තොට රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුකළ වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
3
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
25
මලපනිනව !
6
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?