13 හැවිරිදි දැරියට හදිකළ බාප්පා රහස හෙළි වූ පසු සියදිවි නසාගෙන

13 හැවිරිදි පාසල් දැරියක් දින ගණනාවක් අපයෝජනය කළ එක්දරු පියකු එම සිද්ධිය හෙළි වී පොලිසියට හසුවෙතැයි බියෙන් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා නාවලපිටිය, දොඹගස් තලාව ප්‍රදේශයේ සුසාන භූමියක තිබූ ගසක එල්ලී මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

නාවලපිටිය පොලිසිය සඳහන් කළේ මෙලෙස දැරිය අපයෝජනය කර සියදිවි හානිකරගෙන ඇත්තේ ඇයගේ බාප්පා බවයි.

මෙම පුද්ගලයාට ද වයස අවුරුදු 13ක දියණියක් සිටින අතර, මොහුගේ බිරිඳ විදේශ ගතව සිටින බවයි අනාවරණය වී ඇත්තේ.

අපයෝජනයට ලක්වූ දැරියගේ මව සැකකරුගේ බිරිඳගේ අක්කා බවත්, ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාව නිරතව සිටින බැවින් අදාළ දැරිය සහ සැකකරුගේ දැරිය ඔහුගේ මව හා පියා භාරයේ සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැරිය පාසලේ පන්ති භාර ගුරුවරිය වෙත පැවසීමත් සමඟ ගුරුවරිය මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව සැකකරු සොයා පොලිසිය ඊයේ (16) නිවසට යාමත් සමඟ ඔහු පළාගොස් ඇති අතර, අද (17) උදෑසන ඔහුගේ සිරුර කනත්තක ගසක එල්ලෙමින් තිබිය දී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

නාවලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
26
+1
26
+1
7
+1
35
+1
3
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26