spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

13 හැවිරිදි දැරියට හදිකළ බාප්පා රහස හෙළි වූ පසු සියදිවි නසාගෙන

13 හැවිරිදි පාසල් දැරියක් දින ගණනාවක් අපයෝජනය කළ එක්දරු පියකු එම සිද්ධිය හෙළි වී පොලිසියට හසුවෙතැයි බියෙන් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා නාවලපිටිය, දොඹගස් තලාව ප්‍රදේශයේ සුසාන භූමියක තිබූ ගසක එල්ලී මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

නාවලපිටිය පොලිසිය සඳහන් කළේ මෙලෙස දැරිය අපයෝජනය කර සියදිවි හානිකරගෙන ඇත්තේ ඇයගේ බාප්පා බවයි.

මෙම පුද්ගලයාට ද වයස අවුරුදු 13ක දියණියක් සිටින අතර, මොහුගේ බිරිඳ විදේශ ගතව සිටින බවයි අනාවරණය වී ඇත්තේ.

අපයෝජනයට ලක්වූ දැරියගේ මව සැකකරුගේ බිරිඳගේ අක්කා බවත්, ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාව නිරතව සිටින බැවින් අදාළ දැරිය සහ සැකකරුගේ දැරිය ඔහුගේ මව හා පියා භාරයේ සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැරිය පාසලේ පන්ති භාර ගුරුවරිය වෙත පැවසීමත් සමඟ ගුරුවරිය මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව සැකකරු සොයා පොලිසිය ඊයේ (16) නිවසට යාමත් සමඟ ඔහු පළාගොස් ඇති අතර, අද (17) උදෑසන ඔහුගේ සිරුර කනත්තක ගසක එල්ලෙමින් තිබිය දී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

නාවලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
26
+1
26
+1
7
+1
35
+1
3
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?