මේ දිනවල පවතින අධික සීතලට හේතුව ගැන ඔබ දැනුවත් ද ?

මේ දිනවල දිවයින පුරා අධික ශීත කාලගුණික තත්ත්වයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව ඊයේ (09) රාත්‍රිය වනවිට කොළඹ උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්ෂියස් අංශක 20.7ක් ලෙසයි.

මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාව දෙස සිට හමන සුළං ප්‍රවාහයේ වැඩිවීම මෙම ශීත කාලගුණික තත්ත්වයට හේතුවෙන් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළා.

අද (09) රාත්‍රිය වනවිට එම සුළි කුණාටුව උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කිරීමත් සමඟ මෙම ශීත කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර මේ දිනවල පවතින ශිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන්ට වෛරස් උණ ඇතුළු විවිධ රෝගී තත්ත්වයන් පහසුවෙන් බෝවීමේ අවදානමක් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥයින් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28