ඇළට වැටුණු වන අලියා ගොඩගත් මෙහෙයුම (වීඩියෝ)

පොළොන්නරුව – මාදුරුඔය සිට වැලිකන්ද දෙසට ගලා බසින ඉසෙඩ්.ඩී.මහ ඇළට වැටී සිටි වන අලියෙකු ගොඩ ගෙන කාසන්වැව රක්ෂිතයට පලවා හැරීමට වනජීවි නිලධාරින් කටයුතු කර තිබෙනවා.

ඇළට වැටුණු වන අලියා කිලෝමීටර් 17ක් පමණ දුරට සැඩ පහරට ගසාගෙන ගොස් සිරවී සිටිය දී මෙලෙස ගොඩගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඇලේ සිරවී සිටි අලියා ගොඩ ගැනීම සදහා පැය 08ක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා වැලිකන්ද වනජීවි නිලධාරින්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම සත්වයා අද (03) අලුයම් කාලයේ දී ඇළට වැටී ඇති බවයි දැනගන්නට ලැබුණේ.

https://youtu.be/O2McO1X64hQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?