11 හැවිරිදි අනුෂ්කා සහ 05 හැවිරිදි විදූෂාගේ මළ සිරුරු වතුර වළකින් ගොඩගනී

යාපනය, කයිට්ස්, සින්නමඩම ප්‍රදේශයේ අනාරක්ෂිත වතුර වළක තිබී දැරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ (01) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 11ක දැරියකගේ සහ අවුරුදු 05ක දැරියකගේ මළ සිරුරු බවයි කයිට්ස් පොලිසිය පැවසුවේ.

මෙම දැරියන් දෙදෙනා පා පැදියක නැඟී ඊයේ (01) පස්වරුවේ අසළ පිහිටි වෙළඳසැලකට ගොස් ඇති ඇති අතර, ඔවුන් යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේ දී මෙම මළ සිරුරු වතුර වළේ තිබී සොයාගැනීමට හැකිව තිබෙනවා.

මළ සිරුරු මේ වනවිට කයිට්ස් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ අද (02) දින සිදුකිරීමට නියමිතයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති නිරංජන් විදූෂා සහ නිරංජන් අනුෂ්කා යන දැරියන් දෙදෙනා සහෝදරියන් බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්