ලංකාවේ ප්‍රසිද්ධ ජීව විද්‍යා ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල පසුගියදා රිය අනතුරකට ලක්වුණා.
කෙසේ නමුත් මේ වනවිට ඔහුගේ තත්වය යහපත් බව දැනගන්නට ලැබෙනවා.
මේ වෙනුවෙන් ජීව විද්‍යා ගුරුවරයෙකු වන තිස්ස ජනනායක තම මුහුණු පොතේ සංවේදී සටහනක් තබා තිබුණේ මේ ලෙසටයි.
ඊයේ (20 ඉරිදා) උදේම නුගේගොඩ පන්ති පටන් ගන්න යද්දි ආපු ආරන්චිය අහලා මම හුගක් බය උනා. ඒ අපේ හිතවත් Biology උගන්වන් මුතුගල සර් රිය අනතුරකට ලක්වුනා කියන එක. දන්න අදුනන හැමෝටම කෝල් කරලා විස්තර කරලා බලද්දි තෙරුවන් සරණින් සර්ට කිසිම අනතුරක් වෙලා නෑ. හුගක් Biology ගුරුවරු තවත් biology ගුරුවරු එක්ක ජන්මාන්තර තරහාකාරයෝ වෙද්දී මුතුගල සර් මට මගේ දරුවෙක් වගේ සමීපව හිටියේ. හවස පන්තිය ටිකක් කලින් නවත්තලා මම කුරුණෑගල රෝහලට ගියේ සර්ව බලන්න. ඒ යද්දී සර් ගෙදර ගියා කියන ආරන්චිය අහලා මම ගොඩක් සතුටු වුනා. ඊට පස්සේ මම සර්ගේ ගෙදරට ගියා. සර්ට පොඩි සීරිමක් විතරයි තිබ්බේ. ඒ මහා රිය අනතුරින් සොබාදම ඔහුව බේරලා. ඒ තවත් බොහෝ කාලායක් දැයේ දරුවන්ව දැනුමෙන් පෝෂණය කරන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරණවා මුතුගල සර්ට වෙනදටත් වඩා හොදින් දරුවන්ට හොද දේ කියලා දෙන්න තව තවත් ශක්තිය ලැබෙන්න කියලා.
තෙරුවන් සරණයි!
-තිස්ස ජනනායක –