රාජ්‍ය ණය කළමනාකරණ පනත හෙට සිට බලාත්මකයි

රාජ්‍ය ණය කළමනාකරණ පනත හෙට (25) දිනයේ සිට බලාත්මක කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබෙනවා.

පසුගිය ජුනි 07 වැනි දින සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත මඟින් , රාජ්‍ය ණය ගැනීම්, ණය නිකුත් කිරීම සහ සේවා සැපයීම ඇතුළු ප්‍රධාන විධිවිධාන කිහිපයක් හඳුන්වා දෙනවා.

මීට අමතරව ණය සම්බන්ධ ක්‍රියාන්විතය විධිමත් කිරීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීමට පනත මඟින් නියම කර තිබෙනවා.