මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 344ක තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 124ක තොගයක් රැගත් ‘අශේන් පුතා’ නැමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය මඟින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සමඟ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය එක්ව සිදුකරනු ලැබූ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.