09 ශ්‍රේණියේ පෙම්වතිය සමඟ පෙම්සුව විඳින්න ගිය 30 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට

09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිය පෙම්වතිය බව කියන සිසුවියක් පාසල් කාලය තුළ පිටතට රැගෙන ගිය තරුණයෙක් අලුත්ගම පොලිසිය මඟින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දර්ගා නගරය, මිහිරිපැන්න ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන තරුණයෙක්.

අලුත්ගම, දර්ගා නගරයේ මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන අදාළ පාසල් සිසුවිය පාසල නිමවීමෙන් පසු කැඳවාගෙන යාමට ඇයගේ දෙමව්පියන් පාසල අසළට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී සිය දියණිය පාසල නිම වී ගේට්ටුවෙන් පිටතට නොපැමිණීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සොයාබලා ඇති ඔවුන්, අනතුරුව ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරව දෙමව්පියන් පාසල අසලින් පිටව ගොස් සුළු වේලාවකින් පසු සිසුවිය තරුණයෙකු සමඟ යතුරුපැදියකින් පැමිණ පාසල අසල බැස තිබෙනවා.

පසුව තම දියණිය යතුරුපැදියක නංවාගෙන පාසල අසළට ගෙනත් ඇරලූ තරුණයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් දෙමව්පියන් ඔහු පිළිබඳව පොලිසියට දැනුම්දීමට කටයුතු කර ඇති බව සඳහන්.

එම දැනුම්දීමට අනුවයි සැකකාර තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු පොලිසියට පවසා ඇත්තේ අදාළ බාලවයස්කාර සිසුවිය සමඟ වසර කිහිපයක සිට ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යන බවයි.

සැකකාර තරුණයා දර්ගා නගරයේ පදිංචි සිය ඥාතිවරයෙකුට අයත් අලුත්ගම නගරයේ වෙළඳසැලක සේවයකරන්නෙකු බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකාර තරුණයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

බාලවයස්කාර සිසුවිය රජයේ රෝහලකට ඇතුළත් කර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කරන බව ද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
8
+1
2
+1
9
+1
2
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?