09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිය පෙම්වතිය බව කියන සිසුවියක් පාසල් කාලය තුළ පිටතට රැගෙන ගිය තරුණයෙක් අලුත්ගම පොලිසිය මඟින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දර්ගා නගරය, මිහිරිපැන්න ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන තරුණයෙක්.
අලුත්ගම, දර්ගා නගරයේ මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන අදාළ පාසල් සිසුවිය පාසල නිමවීමෙන් පසු කැඳවාගෙන යාමට ඇයගේ දෙමව්පියන් පාසල අසළට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේ දී සිය දියණිය පාසල නිම වී ගේට්ටුවෙන් පිටතට නොපැමිණීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සොයාබලා ඇති ඔවුන්, අනතුරුව ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
අනතුරව දෙමව්පියන් පාසල අසලින් පිටව ගොස් සුළු වේලාවකින් පසු සිසුවිය තරුණයෙකු සමඟ යතුරුපැදියකින් පැමිණ පාසල අසල බැස තිබෙනවා.
පසුව තම දියණිය යතුරුපැදියක නංවාගෙන පාසල අසළට ගෙනත් ඇරලූ තරුණයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් දෙමව්පියන් ඔහු පිළිබඳව පොලිසියට දැනුම්දීමට කටයුතු කර ඇති බව සඳහන්.
එම දැනුම්දීමට අනුවයි සැකකාර තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු පොලිසියට පවසා ඇත්තේ අදාළ බාලවයස්කාර සිසුවිය සමඟ වසර කිහිපයක සිට ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යන බවයි.
සැකකාර තරුණයා දර්ගා නගරයේ පදිංචි සිය ඥාතිවරයෙකුට අයත් අලුත්ගම නගරයේ වෙළඳසැලක සේවයකරන්නෙකු බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකාර තරුණයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.
බාලවයස්කාර සිසුවිය රජයේ රෝහලකට ඇතුළත් කර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කරන බව ද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.














MARU DEMAWUPIYO, MARU GURUWARU. KELLA AWURUDU GANAK (DAN 151YI) THISSE EYI KIAYNNE 12-13 INDHALA MEKA KARANAWA EKEKWATH DENA GENA NAHE. KELLAGE PATULA NATHIWA ATHI. RASA WETUNAMA DENNATA DENNA NATHUWA BAHE. KELLAGENA BERENNATH BAHE, RASAMA ILLANAWA. DIG KIYUWA SEPTEMBER 180 GANAK OCTOBER 130 GANAK KELLO RAPE KARALA KIYALA. 18TA DU KELLO EKKA EYALAGE KEMATHTHEN HITIYATH RAPE KALA KIYALA THAMAYI NEETHIYA PILIGANNE. MARA WINASAYAK RTATA WELA THIYENNE. MAYALA THAWA THARUNA UNAMA DEMAWUPIYO KOLE WAHALA SALLI DEELA KELLA BANDALA DEYI. NAMUTH EYA HOYANNEMA KALIN LABU THRILL EKA. MONA SEPA DUNNATH WEDAK NAHE ANIWA EKA HOYAGENA YANWA, NATHINAM WENA EKEK HOYA GANNAWA. OKA THAMAYI WINASAYA.
9 වසරෙ කෙල්ලෙක් තියා අවුරුදු 60 ක පෙම්වතියක් වත් නැති මම. 🥺🥺🥺😪😪😭😭