AFC Banner
Empty Ad
Empty Ad

08 වසරකට පසුව විදුලි බිලේ වැඩි වීමක් ? තීරණය ලබන සඳුදා

විදුලිය ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ යෝජනාව මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ඊයේ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹ තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවැසුවේ, විදුලි ගාස්තු ඉහළ දැමීමේ බලය නීතියෙන් තම කොමිසමට හිමි නමුත් මේ වන තෙක් ඒ ගැන කිසිදු දැනුම්දීමක් රජයෙන් කෙරී නැති බවයි.

එහෙත් ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක විදුලි ගාස්තු ඉහළ දැමීම අසාධාරණ නැති බවයි ඔහු කියා සිටියේ.

2022 දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් ඉන්ධන හා විදුලි ගාස්තු වැඩි කරන්නැයි පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර තිබුණා.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ ද 2014න් පසුව මෙතෙක් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුව නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?