08 වසරකට පසුව විදුලි බිලේ වැඩි වීමක් ? තීරණය ලබන සඳුදා

විදුලිය ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ යෝජනාව මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ඊයේ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹ තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවැසුවේ, විදුලි ගාස්තු ඉහළ දැමීමේ බලය නීතියෙන් තම කොමිසමට හිමි නමුත් මේ වන තෙක් ඒ ගැන කිසිදු දැනුම්දීමක් රජයෙන් කෙරී නැති බවයි.

එහෙත් ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක විදුලි ගාස්තු ඉහළ දැමීම අසාධාරණ නැති බවයි ඔහු කියා සිටියේ.

2022 දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් ඉන්ධන හා විදුලි ගාස්තු වැඩි කරන්නැයි පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර තිබුණා.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ ද 2014න් පසුව මෙතෙක් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුව නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25