Empty Ad
AFC Banner
AFC Banner

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරේ

පසු ගියදා අවසන් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ, අනුව මෙම ගැටලුව විසඳීම සඳහා විශේෂඥයින් විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශය 03 අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම ක්‍රියාත්මක කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත්තේ.

එම විභාගයට සහභාගී වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාග කිරීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?