03 වැනි T20 තරගයේ ජයත් ඉන්දියාවට – තිලක් වර්මාගෙන් ලකුණු වැස්සක්

සත්කාරක දකුණු අප්‍රිකානුවන් පරදා තෙවැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 11ක විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

දෙරට අතර තරගය ඊයේ (13) රාත්‍රියේ දී ආරම්භ වූයේ සෙන්චුරියන් හි දී යි.

දකුණු අප්‍රිකානු නායක එයිඩ්න් මාක්‍රම් කාසියේ වාසිය දිනාගත් අතර පළමුව පිතිකරණයට ඉන්දියාවට ඇරයුම් කළා.

එහි ප්‍රතිඵලය වූයේ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හට රිසි සේ පහරදීමට ඉන්දීය පිතිකරුවන්ට හැකිවීමයි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ තිලක් වර්මා පන්දු 56ක දී නොදැවී ලකුණු 107ක් ලබාගත්තා.

දැවැන්ත හයේ පහර 07ක් සහ හතරේ පහර 08ක් ඊට ඇතුළත්.

අභිෂේක් ෂර්මා ලකුණු 50යි.

Andile Simelane සහ Keshav Maharaj එක්ව කඩුලු දෙක බැගින් බිඳ දැමූ අතර එක් කඩුල්ලක් මකොප් ජැන්සන් විසින් බිඳ හෙලනු ලැබුවා.

කෙසේවෙතත් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 219ක් ලබාගත්තා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208ක් පමණයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් මාකො ජැන්සන් ලකුණු 54ක් සහ ක්ලාසන් ලකුණු 41ක් ලබා ගත්තා.

නායක මාක්‍රම් ලකුණු 29යි.

කඩුලු බිඳ දැමීමේ දී අර්ෂඩීප් සින්ග් කඩුලු 03ක් සහ වරුන් කඩුලු 02ක් බිඳ දැමුවා.

ඊයේ තරගයේ වීරයා සම්මානය තිලක් වර්මාට හිමිවුණා.

අක්සාර් පටෙල් සහ හර්දික් පාණ්ඩ්‍යා එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවේ පැවති පන්දුවාර 20 තරග 03න් දෙකක ම ජය ඉන්දීය කණ්ඩායම දිනා සිටින අතර තීරණාත්මක අවසන් තරගය හෙට (15) ජොහැන්නස්බර්ග් හි දී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?