03 වැනි T20 තරගයේ ජයත් ඉන්දියාවට – තිලක් වර්මාගෙන් ලකුණු වැස්සක්

සත්කාරක දකුණු අප්‍රිකානුවන් පරදා තෙවැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 11ක විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

දෙරට අතර තරගය ඊයේ (13) රාත්‍රියේ දී ආරම්භ වූයේ සෙන්චුරියන් හි දී යි.

දකුණු අප්‍රිකානු නායක එයිඩ්න් මාක්‍රම් කාසියේ වාසිය දිනාගත් අතර පළමුව පිතිකරණයට ඉන්දියාවට ඇරයුම් කළා.

එහි ප්‍රතිඵලය වූයේ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හට රිසි සේ පහරදීමට ඉන්දීය පිතිකරුවන්ට හැකිවීමයි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ තිලක් වර්මා පන්දු 56ක දී නොදැවී ලකුණු 107ක් ලබාගත්තා.

දැවැන්ත හයේ පහර 07ක් සහ හතරේ පහර 08ක් ඊට ඇතුළත්.

අභිෂේක් ෂර්මා ලකුණු 50යි.

Andile Simelane සහ Keshav Maharaj එක්ව කඩුලු දෙක බැගින් බිඳ දැමූ අතර එක් කඩුල්ලක් මකොප් ජැන්සන් විසින් බිඳ හෙලනු ලැබුවා.

කෙසේවෙතත් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 219ක් ලබාගත්තා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208ක් පමණයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් මාකො ජැන්සන් ලකුණු 54ක් සහ ක්ලාසන් ලකුණු 41ක් ලබා ගත්තා.

නායක මාක්‍රම් ලකුණු 29යි.

කඩුලු බිඳ දැමීමේ දී අර්ෂඩීප් සින්ග් කඩුලු 03ක් සහ වරුන් කඩුලු 02ක් බිඳ දැමුවා.

ඊයේ තරගයේ වීරයා සම්මානය තිලක් වර්මාට හිමිවුණා.

අක්සාර් පටෙල් සහ හර්දික් පාණ්ඩ්‍යා එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවේ පැවති පන්දුවාර 20 තරග 03න් දෙකක ම ජය ඉන්දීය කණ්ඩායම දිනා සිටින අතර තීරණාත්මක අවසන් තරගය හෙට (15) ජොහැන්නස්බර්ග් හි දී පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34